Wednesday, May 11, 2011

එදා සහ අද

හායි,

               මේ ලිපිය ලියවෙන්නේ මගේ පාසැල් කාලය හා විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳවයි.  ම්ම්ම් මං මේක පටන් ගන්නේ කොහෙන්ද කියල සුමානයක් විතර කල්පනා කෙරා එත් තාමත් හිතා ගන්න බැරි උනා. ඊට පස්සේ හිතුන පටන්ගන්නේ කොහෙන්ද කියල හිත හිත ඉන්නේ නැතුව ලියන්න පටන් ගත්තොත් කොහෙන් හරි පටන් අරන් කොහෙන් හරි ඉවර වෙයි කියල :ඩි.
           මුලින්ම A/L කාලේ ගැන කියන්න හිතුන මොකද ඉස්කෝලේ අනික් පන්ති වල නම් වැඩිය දෙයක් ලියන්න නැති නිසා :(. අපි A/L පන්තියට ගියේ 2003 මට මතක විදියට. ඒ කාලේ නම් ඉගෙන ගන්න මට පුදුම අසාවක් තිබ්බ සංයුක්ත ගණිතය හරි ෙභෳතික විද්‍යාව මොකක් හරි දෙයක් අලුතෙන් උගන්නනකන් කට ඇරන් බලාගන ඉන්නවා මම විතරක් නෙමේ අනිත් මොරටුව සරසවියට ආපු අයත් ඒ වගේ තමා. හැබයි මම රසායන විද්‍යාවට එච්චර කැමැත්තක් තිබ්බේ නැ. එකනේ මට ඒකට B එකක් තිබ්බේ එත් අනිත් විෂයන්ට ලකුණු තිබ්බ නිසා මට මොරටුවේ ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්න පුළුවන් උනා :ඩි. ඒ කාලේ කොච්චර ඉස්ටඩී කෙරාද කිව්වොත් 2004 ඉන්දියානු සාගරයේ ඇති වුනු සුනාමිය වෙලාවේ මම නිව්ස් බැලුවෙත් නෑ. මොකද ඉස්ටඩීස් ඊට වඩා ඩේන්ජරස් නෙ :ඕ. ඉස්කෝලෙදි මම කිසිම ක්‍රීඩාවක් හෝ වෙන අමතර දෙයක් කොරලම නැ. උදේට යනවා දවල් ට එනවා විතරමයි. පාසලේ කිසිම අධ්‍යාපන චාරිකවකටවත් සහබාගී වෙලා නෑ. අඩු ගානේ මම එක බිග් මැච් ව්කක් වත් බලන්න ගියාද කියල මට මතක නෑ. පාසලේ මෙපමණ ක්‍රීඩා පහසුකම් තිබෙන බව මම දැනගත්තේ අස්වීමේ සහතිකය ගැනීමට ගිය දිනයේය :(. කෙසේ වෙතත් උසස් පෙළ හොදින් කිරීමට ගොඩක් හේතු උන කාරණයක් තමා වෙන වැඩ නොකිරීම. මක් නිසාද යත් මට කාලය කළමනාකරණය කිරීමේ නොහැකියාව. වැඩ ගොඩක් තිබ්බම මට එකක් වත හරි හැටි කොරගන්න බැරි වෙනවා. තවද මම රසායන විද්‍යාව හැර අනෙක් විෂයන්ට පුද්ගලික උපකාරක පන්ති වලට සහභාගී උනෙත් නැහැ. මම ගොඩක් වැඩ ගොඩ දැම්මේ තනියෙම තමා. සාමාන්‍ය පෙළ විබාගයේ එතරම දස්කම් දැක්වූ නැති මම මෙලෙස ගණිතය සහ ‌‌‍‌‌ෙභෳතික විද්‍යාවට මෙතරම් දස්කම් දක්වන්නේ කෙසේදැයි පාසලේ ගුරුවරුන්ද පුදුම වී තිබුණි. සමහර සාමාන්‍ය පෙළ ඒ 10 ගත්තු උන්ට ද උසස් පෙලේදී ලැබුනේ එෆ් 3 යි :ඕ. කොහොම හරි එ කාලේ මට ගෑනු ලමයි හම්බුනේම නැහැ :(. දැනුත් එහෙම තමයි :(. මම කවදාවත් පාසලෙන් පැන නැත වෙන වැරදි වැඩ කොරලාද නැත කොටින්ම පන්තියේ නිදාගෙන වත් නැත :ඩී. කෙසේ හෝ කාලය ගෙවී ගියේය. පාසල් සමය 2005 උසස් පෙළ ලිවීමෙන් අවසන්  විය.

                         2006 මැයි 31 එම දිනය උදා විය ඒ අප(06 බැච් ඒක නැතහොත් The Best Batch of MORA History :D) විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගැනීමයි. එදා අප සැම ඉතා බයෙන් සරසවිගත වූ වෙමු. රැග් ඒක නිසා බයකුත් තිබ්බ හැබැයි අපේ විශ්වවිද්‍යාලයේ මම රැග් උනේම නැත :ඩී. අප විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ එක එක ක්ෂේත්‍ර වලට වෙන කිරීම සිදු වන්නේ 1 මු වසරේ සෙමෙස්ටර් 2 හි  විභාග ප්‍රතිඵල මතයි එබැවින් මම විශ්වවිද්‍යාලයට ඒමට පෙර සිටම ඒ විභාග සඳහා සුදානම් විය. එම විභාගය උසස් පෙලට ද වඩා භයානක විය මොකද ඒකට ලකුණු අඩු වුනොත්, තමා අකමැති වුවත් මැටීරියල් ඉංජිනේරු ක්ෂේත්‍රයට යාමට සිදුවීමයි :ඕ. එහි දී ඇති වුනු අධික බිය නිසාම මම සියලුම විෂයන් තේරුම ගෙන කට පාඩම් කොර පාස්ට් පේපර් කර විභාගයට සුඋදනම් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1 මු වසරේ පළමු සෙමෙස්ටරේ 3.99  GPA දැමීමට හැකි විය එහි දී මගේ බැච් එකේ රෑන්ක් ඒක උනේ 69. තවද ලෙවල් 1, 2 වැනි සෙමෙස්ටරේද 3.93 දැම්මෙමි එහිදීද රෑන්ක් එක මට මතක හැටියට 69 ම විය :ඩී. ඒ නිසා මට පහසුවෙන්ම ඉලෙක්ට්රොනික් වලට යාමට හැකි විය. ලෙවෙල්  1 එකේ උසස් පෙලටත් වඩා ස්ටඩී කලෙමි. ලෙවෙල් 1 විභාග වලට මුහුණ දීමේදී මම මල්ටි ත්රෙඩින් ක්‍රමය උපයෝගී කොර ගත්තෙමි. එනම් ප්‍රශ්න පත්‍රයේ 1 මු ප්‍රශ්නයට පිළිතුරු දකුණු අතින් ලිවීමේදී වම් අතින් 2 වන ප්‍රශ්නය ට අදාළ ගණනය කිරීම් කැල් එකේ ගැසීම සහ ඒ දෙකටම සමගාමීව 3 වන ප්‍රශ්නය කියවීමද ආදී වශයෙන් විභාගයට පිළිතුරු ලිවීමයි. මම එහෙම මල්ටි ත්රේඩින් කෙරා නම් මේකේ 1 වෙච්ච එකා කෝම කරන්නතිද කියල හිතාගන්නවත් බැරුව ඇති නේද :ඕ.ලෙවෙල් 1 එකේ පුදුමාකාර වැඩ ප්‍රමාණයක් කෙරුවා. පුදුමාකාර කට පාඩමක් තේරුම ගැනීමක් පාස්ට් පපෙර් කිරීමක් කැල් එකේ ගහන්න පුරුදු වීමක් කොරා. ඒ ඔක්කොම මටීරියල් යන්න තිබ්බ බයට :ඕ.

                     ඉතින් ඊට පස්සේ!!! ලෙවෙල් 2 එකටත් ආව (ඉලෙක්ට්‍රොනික්ස්) නමුත් ක්‍රමක්‍රමයෙන් කාලය වෙනස් වන්නට විය මටීරියල් යාමට තිබු බියද දැන් නැත දැන් ඇවිත් ඇත්තේ ජීවිතය විඳීමට සුදුසු කාලයක් යයි සිතුනි. බිය සහ තරගකාරිත්වය නැති නිසා පාඩම කිරීම ටිකෙන් ටික අඩු වෙන්නට විය ෆේස්බුක් ටික ටික වැඩි විය :ඩී. ඉස්සර ෆේස්බුක් තිබ්බේ නෑනේ :ඩී. තවද මම කැමති විෂයන් වන ගණිතය තර්මොඩයිනමික්ස් වැනි විෂයන් අඩු විය වැඩිපුර තිබුනේ මම අකමැති විෂයන් වන කොම්පියුටර් ඕගනයිසේෂන් වැනි ඒවාය. ඒවා මට කිසිසේත්ම තේරුම්ගැනීමට හැකියාවක් හෝ උවමනාවක් හෝ කැමැත්තක් හෝ නොතිබිණි. හුදෙක් විභාගය සමත් වීමට පොඩ්ඩක් කට පාඩම කොර විභාගය යන්තම් සමත් විය :ඩී. ලේච්චර්ස් වල නින්ද යාමට පටන් ගත්තේය. තවද මාගේ ජීවිතයේ වෙනත් පැති ගැන පළමු වර මම සිතන්නට විය :ඩී. ඉතින් GPA දිනෙන් දින අඩු විය. වැඩි කාලයක් ගත වුයෙ නොයෙකුත් ඔපදුප කියවීමටය. ඉන්පසු ලෙවෙල් 3 එකටත් ආවෙමි එහිදී මට  උසස් පෙළ කාලයේ කැමතිම විෂයක් වූ විද්‍යුත් චුම්බක වැනි විෂයන්ද මෙහි දී අකමැතිම විෂයන් බවට පත් වී අසමත් වීමද සිදුවිය. එහෙත් මට ඒ පිළිබඳව කිසිම ගානක් නොවීය :ඩී. ලෙවල් 3 එකේ ට්‍රේනින් තිබුනේය එය මහත් උනන්දුවකින් මම කළේය එයින් මම හොද අත්දැකීම් හා ආශ්වාදයන් ලැබුවෙමි. නමුත් ඒ සතුට තිබුනේ මාස 6 ක් පමණි නැවත අප සරසවියේ ඉගෙනුම පටන්ගත්තෙමු(ලෙවෙල් 4). ලේච්චර්ස් ගියේම නැත ලේච්චර් වල කොමත් නිදා ගන්න එකේ මම ගෙදර සිටම නිදා ගත්තෙමි. සමහර කථිකාචාර්ය වරුන් දැකලාවත් නැති විය. තවද පෙර වසරේ අසමත් වූ විෂයක් ද මට නැවත විභාගය ලිවීමට සිදු විය. කෙසේ වෙතත් ගණිතය විෂයන්ට මට දිගටම ඒ සමර්ථ තිබුණි. අනෙක් බොහෝ ඒවාට ඉතින් සී- තමා. ඔය අතරේ අපට අවසාන වසරේ ව්‍යාපෘතියක් කිරීමටද සිදු විය. අප ඒ සඳහා කලේ "සින්ක්රෝනිස්ඩ් ත්‍රීඩී මෙඩිකල් ඉමේජ් විවර් ෆෝ ඩිස්ටන්ට් රේඩියෝලොජි කොන්සල්ටේෂන්ස්" නමැති ප්රෝජෙක්ටුවයි. මෙහී දීද මම වැඩි පුර ම කලේ කල් මරපු එක එක තමා. අවසාන වසරේ එක් ආහාර වේලක් අනුභව කිරීමට පැයක් පමණ ගත වේ. උසස් පෙළ සමයේ මිනිත්තු 10 න් කනවා. උසස් පෙළ සමයේ පය 5ක් විටර තමා නිදාගත්තේ ඒත් ලෙවෙල් 4 එකේ පය 16කට වඩා නිදා ගත්තා. වැඩ කෙරුවේ කරන්න ඕන ටික විතරයි ඉන් එහාට බින්දුවක් වත් කලේ නැහැ.

                          ඔන්න ඔහොම තමා වැඩේ සිද්ද උනේ. මේක ලියන්න මට මාසයක් පමණ කල ගියා. වැඩ වැඩි නිසා ඉක්මනට ලිව්වා එ නිසා එහෙං මෙහෙන් ප්‍රින්ටින් මිස්ටේක් ඇති. කෝම වෙතත් කොමෙන්ට් දාන්නකෝ.

බායි.

14 comments:

  1. හ්ම්.. ප්‍රින්ටින් මිස්ටේක් ගොඩායි.. :P මොකක් උනත් මට නම් සෑහෙන්න ආදර්ශමත් ලිපියක්... සුභ පැතුම්..!!!

    ReplyDelete
  2. අප්පටසිරි මල්ටි ත්‍රැඩිං! :O

    ReplyDelete
  3. @buddy e kaale ithin multi threading nathuwa survive wenna baaane maara competitive ne. Thawa ekak buddy nitarama lankawe sanskruthiya gana ekekewa kiyanawane eke lamayinta nidahasa madi kiyala iskoole yana kaaale mata amma hari thaaththa hari nathuwa gedarin eliyata thaniyen yannath thahanam :(

    ReplyDelete
  4. සැහ්, මගේ කතාවත් මීට ගොඩක් ආසන්න එකක් තමයි. :(

    ReplyDelete
  5. @Supem: Given that you are raised in such a "controlled environment" by parents, it is great success that you adapted well to the "room temperature".

    Parents should be always behind their children, overlooking the child's path and how he steps, coming into scene only when needed; but not in front of him, guiding him all the time, once such a module losses signals from mother-ship, it is technically blind.

    ReplyDelete
  6. "මොකද ඒකෙන ලකුණු අඩු වුනොත් තමා අකමැති වුවත් මැටීරියල් ඉංජිනේරු ක්ෂේත්‍රයට යාමට සිදුවීමයි :ඕ"

    මේ වාක්‍යය වැරදියි.

    "එනම් ප්‍රශ්න පත්‍රයේ 1 මු ප්‍රශ්නයට පිළිතුරු දකුණු අතින් ලිවීමේදී වම් අතින් 2 වන ප්‍රශ්නය ට අදාළ ගණනය කිරීම් කැල් එකේ ගැසීම සහ ඒ දෙකටම සමගාමීව 3 වන ප්‍රශ්නය කියවීමද ආදී වශයෙන් විභාගයට පිළිතුරු ලිවීමයි. මම එහෙම මල්ටි ත්රේඩින් කෙරා නම් මේකේ 1 වෙච්ච එකා කෝම කරන්නතිද කියල හිතාගන්නවත් බැරුව ඇති නේද :ඕ."

    අනේ මංදා :s


    අවසන් වශයෙන් කීමට ඇත්තේ නියම ඇක අලයකුගේ ලක්ෂණ මෙම ලිපිය තුලින් විද්‍යාමාන වන බවයි :P

    ReplyDelete
  7. මෙය මේ තුලින් පිට වෙන ඉංජිනේරුවන්ගේ සැබෑව මොනවට විදහා දක්වන ලිපියෙකි

    ReplyDelete
  8. මල්ටි ත්‍රෙඩිං :P :P...අඩෙ මම හිටුවෙ අල ලෙවල් වලින් තරඟෙ ඉවරයි කියලා..හෆ්ෆෝයි තව තියනවලු :P :P :D

    ReplyDelete
  9. අනේ මන්ද. මගේ කතාවත් ටිකක් මේකට සමානයි. :/

    ReplyDelete
  10. ලෙවල් 1 එකේ ඉලෙක්ට්‍රිකල් වලට තමා ඒම කෙරේ ඒකේ ලේචා කිව්වේ මේ විෂය පාස් වෙන්න ඕන ස්පීඩ් ඇන්ඩ් ඇකුරසි කියල.ඉතින් මේකේ තියෙන තරඟකාරීත්වයත් එක්ක මුලටි ත්රේඩින් වගේ ක්‍රම නැතුව සවයිව් වෙන්න බැනේ. ඩාවින් ගේ පරිනාම වාදයට අනුව සවයිවල් ඔෆ් ද පිටටස්ට් කියල කියල තියෙනවා නෙ? හැබැයි ඉතින් මගේ ඉතින් කිසිම ඇඟේ පතේ පිට්නස් එකක් නම් නෑ. මට මේ ඉස්කෝලේ 9 වසරේ ළමයෙක් එක්ක වත ගහගන්න බැ. හැබැයි ගුටි කන්න නම් පුළුවන්. :ඩි
    අල ලෙවෙල් කියන්නේ මොකද්ද කියල මම දන්නේ නැ එත ඉතින් තරන්ගේ ලෙවෙල් 1 සෙමෙස්ටේර් 2 ඒකෙන පස්සේ ඉවරනේ?

    ReplyDelete
  11. එහ් මම අල ලෙවල් කිව්වෙ A/L වලට අප්පා...තියන අලම ලෙවල් එකනෙ..හික් හික්.. :P :P මල්ටි ත්‍රෙඩිං අපෙ තිබුනෙ වෙනස් විදියකට..A/L පන්ති වලදි පාඩම අහගන ඉන්න ගමන් එහා පැත්තෙ ඉන්න එකාට මොනවා හරි කියන්න ඕනි..රුපෙ ඇද ගන්න ඕනි...ඒ මදිවට ඉස්සරහ පේලියෙ ඉන්න කෙල්ලො දිහා බලන්නත් ඕනි...බලාගන යනකොට අපිත් මල්ටි ත්‍රෙඩ් ඔපරෙශන් කරලා තියනවා :P :P

    ReplyDelete
  12. මම මේ බ්ලොග් එකක පොස්ට් එකකට බොහොම කාලෙකාට පස්සේ තමයි කමෙන්ට් එකක් දාන්නේ ! මේ ලිපියේ අවසානය ලස්සන වෙන්න ඕනේ , උබ කවදා හෝ ඉංජිනේරුවරයෙක් වෙලා කැම්පස් ඒකෙන එලියට එනකොට !
    දිගටම ලියන්න ! ඉදිරි අනාගතයට ජය !

    ReplyDelete
  13. අප ඒ සඳහා කලේ "සින්ක්රෝනිස්ඩ් ත්‍රීඩී මෙඩිකල් ඉමේජ් විවර් ෆෝ ඩිස්ටන්ට් රේඩියෝලොජි කොන්සල්ටේෂන්ස්" නමැති ප්රෝජෙක්ටුවයි.... :D:D:D:D:D:D

    ReplyDelete
  14. වැඩක් නෑ මච්න් කියලා... පට්ට පෝස්ටුව. එන්ජොඉඩ් ඉට් අ ලොට්... දිගටම ලියපන්... :ඩී

    ReplyDelete