Sunday, April 24, 2011

මගේ පළමු ලිපිය

ආයුබෝවන්ඩ,
මගේ  බ්ලොගේට ඔබ සැම සාදරයෙන් පිලිගනිමි. පළමු ලිපිය නිසා ලියන්නේ මොනවද කියල හිතාගන්නත් අමාරුයි. මම සුපෙම් සමරසිරි. මම මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලිසංදේශ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය හදාරනවා. මම කොළඹ රාජකීය විදුහලෙන් 2005 වර්ෂයේදී උසස් පෙළවිභාගයට පෙනී සිටියා(දැන් මගේ වයස අමුතුවෙන් කියන්න ඕනේ නැනේ  :ඩි.). පාසල් කාලය නිම කර එහි දක්ෂතම සිසුවෙකු ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට උසස් පෙළ ලියු පළමු වරම ඇතුළු වෙන්න ලැබීම මම මතක කරන්නේ මහත් සතුටෙනි.
ගොඩ  කාලෙක ඉඳං බ්ලොග් එකක් ලියන්න හිතාන හිටියත් තිබෙන වැඩ රාජකාරී එක්ක ඒක කරන්න පුළුවන් කමක් තිබ්බේ නැ. දැන් කැම්පස් එකේ වැඩ ඉවර වේගන යන නිසා බ්ලොග් ලියන්න වගේ වැඩට වෙලාව ටිකක් තියෙනවා. විනෝදාත්මක දෑ, මගේ අත්දැකීම්, අධ්‍යපනික දෑ, කාලීන සිදුවීම් සහ වෙනත් බොහෝ දේවල් මම මේකෙන් බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා.

දැනට නවතිමි,
ළඟදීම නැවත හමුවෙමු.
P.S. comment දාන්න හොඳේ :ඩි.